France Sri Lanka Welfare Association

France Sri Lanka Welfare Association TO FIGHT HAND IN HAND AGAINST CANCER & KIDNEY DISEASE IN SRI LANKA
(3)

Fonctionnement normal

හලාවත මහ රොහලේ දැඩිසත්කාර ඒකකයට  ප්‍රංශ ශ්‍රි ලංකා සුබසාධන සංවිධානයේ අනුග්‍රහයෙන් යැවු විද්යුත් ඇදවල්  නව කෝරෝනා  රෝගින්...
25/04/2020

හලාවත මහ රොහලේ දැඩිසත්කාර ඒකකයට ප්‍රංශ ශ්‍රි ලංකා සුබසාධන සංවිධානයේ අනුග්‍රහයෙන් යැවු විද්යුත් ඇදවල් නව කෝරෝනා රෝගින්ගේ සුබ සාදනය පිනිස යෙදා ඇතිබව රෝහල් බලධාරින් අප දැනුවත් කර ඇත.දායකත්වය ලබාදුන් සහෝදරත්වයට තුති. පුද කරමු.🙏🙏🙏.ලංකා රේගුවේ සහෝදරත්වයටද.එරික් සුරියසේන මහතාටද...පෝල් කිංස්ලි මහතාටද ,මොහොමඩ් සහෝදරයාටද ..තුති පුද කරමු.

මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන දියවැඩියා රෝගින්ට අවශ්‍ය කෙරන DIABETIC SOCKS  25 (වටිනාකම  රු 30,000/=)එම රෝහලේ 1 වාට්ට...
04/03/2020

මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන දියවැඩියා රෝගින්ට අවශ්‍ය කෙරන DIABETIC SOCKS 25 (වටිනාකම රු 30,000/=)එම රෝහලේ 1 වාට්ටු භාර වෛද්‍ය නිලධාරීන් වෙත 2020,03,04 දින භාරදුන් අවස්ථාව අනුග්‍රහය ප්‍රංශ ග්‍රීලංකා සුබසාධන සංවිධානය..විශේෂ ස්තුතිය.ඩිලාන් රනසිංහ සහෝදරයාට.

මහරගම අපේක්ෂා රෝහලට රෝද පුටු කිපයක් ලබාදිමට අපට හැකිවුනා.පැරිසියේ විසු ශිරාණි සමරනායක මැතිනියට පිං පතා.දැනට වසර 6 ට පමන ...
10/02/2020

මහරගම අපේක්ෂා රෝහලට රෝද පුටු කිපයක් ලබාදිමට අපට හැකිවුනා.පැරිසියේ විසු ශිරාණි සමරනායක මැතිනියට පිං පතා.දැනට වසර 6 ට පමන පෙර ඇය ජිවිතෙයන් සමුගත්තා..මෙයට දායකවුයේ ඇයගේ දියණියන් තනුජා දේෂප්‍රිය ඇතුලු පවුලේ අයයි.ස්තුතියි.ජේසුපිහිටයි.🙏

පොඩි ...නෙල්සන් ජයවර්ධනගේ උපන්දිනය සැමරැවෙ මෙහෙමයි.සහෝදරයෙකුට රෝදපුටුවක් දුන්න.ඇස්වල පිලිකාව හැදිල ඉන්න මල්ලිට ඇස් සුවකර...
30/01/2020

පොඩි ...නෙල්සන් ජයවර්ධනගේ උපන්දිනය සැමරැවෙ මෙහෙමයි.සහෝදරයෙකුට රෝදපුටුවක් දුන්න.ඇස්වල පිලිකාව හැදිල ඉන්න මල්ලිට ඇස් සුවකරගන්න.හෝ ගේ හදාගන්න මුදලක් දුන්න.මේ පැරිසියේ අවුරැදු 10ක දරැවෙක්.සුබ උපන්දිනක් පුතේ උබේ මනුෂ්‍යකමට.ජයෙව්වා.💐💐💐💐💐💐🎂

මුහුදු මහා විහාරයේ හාමුදුරැවො පැරිසියේ සියලු දේෂප්‍රේමි ලංකිකයින්ට තුති  පුදකෙල් පන්සෙල් ආරක්ෂක කැමරා පද්දතිය සවිකිරිම ව...
20/01/2020

මුහුදු මහා විහාරයේ හාමුදුරැවො පැරිසියේ සියලු දේෂප්‍රේමි ලංකිකයින්ට තුති පුදකෙල් පන්සෙල් ආරක්ෂක කැමරා පද්දතිය සවිකිරිම වෙනුවෙන්ය.දායකවු මිතුරැ මිතුරියනි ස්තුතියි.

සුබ උපන්දිනක් වේවා ....මිස් යුරෝප්.ලින්ඩා රෝස්..ඔබ ලබාදුන් විශේෂ දායකත්වය මත මහනුවර 48 පිලිකා වාට්ටුව සුන්දර නවාතැනක්  ක...
24/11/2019

සුබ උපන්දිනක් වේවා ....මිස් යුරෝප්.ලින්ඩා රෝස්..ඔබ ලබාදුන් විශේෂ දායකත්වය මත මහනුවර 48 පිලිකා වාට්ටුව සුන්දර නවාතැනක් කිරිමට හැකිවිය..🌹🌹🌹🌹🌹💐

26/10/2019

ප්‍රංශයෙන් හලාවතට නවින ඇදවල්...හලාවත මහ රෝහලේ නව පිලිකා වාට්ටුවට පැරිසියෙන් අති නවින විද්යුත් අංගසම්පුර්න ඇදවල් 5 ක් මිලදි ගෙන රෝහල වෙත යැවිමට 2019 .10.26 දින කටයුතු කෙරින.සුවපති .ජනපති.අගමැති .දේශපාලන පොරයක යෙදි සිටින විට ප්‍රංශයේ රැකියා කරන රටට හිතවත් මිනුසුන්ගේ දායකත්වය මත ප්‍රංශ සුබ සාදන සංවිධානය මෙම කටයුතු කරන්නේ ලංකාවේ අසරනරෝගින්ගේ අසරනකම නැති කර සුව පහසුලෙස රෝහල තුල සුවසේ ගතකිරිමේ සතුට වෙනුවෙනි..සිංගප්පුරැවේ රෝහල් මෙන් දුප්පතාටද සත්කාර ගැනිමටය.පාලකයින්කෙරෙහි ඇත්තේ දැඩි කලකිරිමක් වුවත් මෙම කටයුතු සිදු කරන්නේ උපන්බිමට අප දැඩිව ආදරය කරන බැවිනි...දෙසැම්බරයේ දිනක මෙම ඇදවල් තොගය රෝහලට බාරදිමට නියමිතය..ස්තුතියි🙏

23/10/2019

අපේ උරැමය අනාගතයට සුරක්ෂිත කරදිමට පැරිසියේදි අප ගත් උත්සහය අති සාර්ථකව නිම විය.තව නොබෝ දිනකින් විහාර මහාදේවියගේ උරැමය වෙනුවෙන් මුහුදුමහා විහාරයට ආරක්ෂිත කැමරා පද්දති සුදානම් කරමින් සිටින්නෙමු.තම උපන්බිමට හදවතින් ආදරය කල මිනිසුගේ සහයෝගයෙන් කටයුතු තව නොබෝ දිනකින් අවසන්වනු ඇත..මෙයට මුදලින් ආධාරකල..ආදරණිය..රංජිත් සෝමවංශ..රේණුදේවපුර..ෂාන් චතුරංග..ඩේමියන් පිරිස්..ධම්මිකා ප්‍රනාන්දු..ඩයනා පෙතියා ගොඩ..කුමුදු ශ්‍රියානි වික්‍රමසිහ (kushi)..ලොකුපතිරගේ වසන්ත..නිමල් මහබමුනගේ..අල්විස් පවුලේ සැමටද අප පැරිසියේ වෙසෙන ලාංකිකයින් ලෙස ප්‍රනාමය පුදකරමු.එසේම..අපේ පංතියේ සහෝදරත්වයද.සිසිර.රොහාන්.ප්‍රියන්ත.(බබි).ප්‍රියන්ත සමරකෝන්.නිමල් අයියා.කැලුම්.නන්දික.මෙන්ම කැම බිම සකසා දුන් ආදරණිය ඔබ සැමද සංවිධානලෙස ප්‍රංශ සුබසාධන සංවිධානය සමග මව්බිම වෙනුවෙන් ශ්‍රි ලාංකිකයො..මිගමු සංවිධානයද ඉතිහාසයට එකතුවන්නේය.දහසක් බාදක මැද මෙය සාර්ථක කර ගැනිමට අප සමග එක්වු මා සහෘදින්ටද නිහඩවම මහා ශක්තියක් වු පෝල් අයියාද ප්‍රංශ ශ්‍රි ලංකා සුබ සාධනසංවිධානයේ සභාපතිලෙස තුති පුදකරන්නේ අපකෙරෙහි තැබු විශ්වාසයටය.ඔබ සැමට ජයමවේවා.මා සනත් මුතුනමගොන්නගේ.🙏🙏🙏🙏

Association Solidarité France-Sri LankaFrance Sri Lanka Welfare Associationප්‍රංශ ශ්‍රී ලංකා සුභසාධක සංවිධානය
09/10/2019

Association Solidarité France-Sri Lanka
France Sri Lanka Welfare Association
ප්‍රංශ ශ්‍රී ලංකා සුභසාධක සංවිධානය

මුහුදු මහා විහාරයට ආධාර පිණිසගින්නෙන් උපන් සීතලඔක්තෝබර් 6 වනදා පැරීසියේදීESPACE ST PIERRE121 rue Achille Peretti92200 NE...
24/09/2019

මුහුදු මහා විහාරයට ආධාර පිණිස

ගින්නෙන් උපන් සීතල
ඔක්තෝබර් 6 වනදා පැරීසියේදී

ESPACE ST PIERRE
121 rue Achille Peretti
92200 NEUILLY SUR SEINE

සවස 5 ට
5pm (17h)

+ Short Film
+ Special Guests
+ Music Show

many more.......

18/09/2019
මුහුදු මහා විහාරයට ආධාර පිණිස ගින්නෙන් උපන් සීතල ඔක්තෝබර් 6 වනදා පැරීසියේදී

ගින්නෙන් උපන් සීතල
ඔක්තෝබර් 6 වනදා සවස 5 ට පැරීසියේදී

ESPACE ST PIERRE
121 rue Achille Peretti
92200 NEUILLY SUR SEINE

සවස 5 ට
5pm (17h)

ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වයෙන්
මුහුදු මහා විහාරයට ආධාර පිණිස

+ Special Guests
+ Short Film
+ Music Show

many more.......

අදදින විවාහවි දෙවනවසර සපුරන පැරිසියේ .උදය.ඩිල්කි.යුවල තම සතුට වෙනුවෙන් මවකට.සහ පියෙකුට රෝදපුටු දෙකක්ම තැගිකලේය.වර්ථමාන ස...
02/09/2019

අදදින විවාහවි දෙවනවසර සපුරන පැරිසියේ .උදය.ඩිල්කි.යුවල තම සතුට වෙනුවෙන් මවකට.සහ පියෙකුට රෝදපුටු දෙකක්ම තැගිකලේය.වර්ථමාන සමාජයේ ඉතාම දුර්ලඹ ක්‍රියාවකි.අපි ඔබගේ ජිවිතවලට වාසනාව තවතවත් ලැබි ජිවිත ආලෝකවේවායයි පතමු.ජයවේවා.ඔබ දෙපලට වාසනාවේවා.💐💐💐💐💐

ගලේවෙල මාදිපොල ග්‍රාමිය රෝහලට  ස්වයංක්‍රිය ඇඳ හා රසායනාගර පරික්ෂණ නල,ඇතුළු අනිකුත් වටිනා ද්‍රව්‍යන් බෙදා දීම ප්‍රංශ ශ්‍ර...
13/08/2019

ගලේවෙල මාදිපොල ග්‍රාමිය රෝහලට ස්වයංක්‍රිය ඇඳ හා රසායනාගර පරික්ෂණ නල,ඇතුළු අනිකුත් වටිනා ද්‍රව්‍යන් බෙදා දීම ප්‍රංශ ශ්‍රීලංකා සුභ සාධක සංවිධානයේ ගරු භාණ්ඩාගාරික චන්න ගුණසේකර මැතිතුමන් හා මනුසත්දම් සමාජ සුභ සාධක සංවිධානයේ සභාපතිතුමන් එක්ව රෝහලට භාරදීම 2019/08/11 දින මෙම සත්කාරයට දායකවු අප සංවිධානයේ සියලුම සාමාජිකයින්ට තුති පුද කරමු.I c u ඇදක් මෙවැනි ග්‍රාමිය රෝහලකට සිහිනයකි.එය ලබාදිමට ප්‍රංශ ශ්‍රිලංකා සුබ සාදනසංවිධානයට හැකිවිම ගැන අප සතුටුවෙමු.ස්තුතියි සැමට.

05/08/2019

කටුවාපිටිය අනත්වාදි බෝම්බයෙන් පිපිරිගිය ජිවිතයක ආලෝකයක් වෙන්න අපට හැකිවුනා.සත්කාරයට දායකත්වය ලබාදුන්නේ.පැරිසියේ ඕසි ද අල්විස් .කමලා .විතානගේ .සහ උදය .යන සහෝදර සහෝදරියනුයි.ඔබ සැමට අපගේ ආචාරය පුදකර සිටිනවා...ස්තුතියි..

ගිරාදුරැකෝට්ටේ.දුප්පත් මව්වරැ කිපදෙනකුට.පාසැල්දරැවන් කිපදෙනකුට උදව්කිරිමට අපට හැකිවුනා.
11/07/2019

ගිරාදුරැකෝට්ටේ.දුප්පත් මව්වරැ කිපදෙනකුට.පාසැල්දරැවන් කිපදෙනකුට උදව්කිරිමට අපට හැකිවුනා.

10/07/2019

රෙෂාන් ප්‍රනාන්දු පුතාට ගොඩක් ස්තුතියි.

2019.07.10.දින ගිරාදුරැකෝට්ටෙ .ගල්පෝරැයාය ගම්මානයේ සත්කාර කිපයකටම දායක වෙන්න අපට හැකිවුනා.දැඩි නියගය හමුවේ අර්ථික ප්‍රශ්...
10/07/2019

2019.07.10.දින ගිරාදුරැකෝට්ටෙ .ගල්පෝරැයාය ගම්මානයේ සත්කාර කිපයකටම දායක වෙන්න අපට හැකිවුනා.දැඩි නියගය හමුවේ අර්ථික ප්‍රශ්නවලින් පිඩා විදින අපේම සහෝදරියින්.කැම .වතුර.නොයෙකුත් ප්‍රශ්න.මේ මැරෙන තුරැ ජිවත්වන මිනිස්සු.පාලකයින්ට අමතකවු මිනිස්සු.ඔවුනගේ ජිවිතකතාව හරිම දුක්බරයි.මේ දරැවාට බයිසිකලයක් සිහිනෙන් පෙනුනට තිබුනේ නැ.පොල්ලකට බෞද්ධ කොඩිය එල්ලගෙන දිවයනවා බයිසිකලේ විදිහට.මේ විස්තරේ මට කිව්වෙ ඒ පලාතේ ඉන්න නර්ස් නෝන කෙනෙක්.මේ විස්තරේ මම අපගේ සංවිධානයේ උප සභාපති තුමාගේ .රොෂාන් ප්‍රනාන්දු බිරිදට කිව්වා.ඇය ඔවුන්නේ පුතාගේ රෙෂාන් ගේ උපන්දිනය වෙනුවෙන් ගිරාදුරැ කෝට්ටෙ දරැවට බයිසිකලේ අරගෙන දුන්නා.සිහිනය සැබැ වෙලා දරැව දැන් බයිසිකලේ පාසැල් යයි.මිනිස්සු නෙයෙක් විදිහට උපන්දින සමරනවා..සේවයක් ලෙස කාට හරි යහපතක් ලෙසට සැමරැමක් කරන්න හිතෙන්නෙ කිදෙනකුටද.ශ්‍රි ධම්මානන්ද විහාරයේ සරනවංශ හාමුදුරැවන්ගේ මුලිකත්වයෙන් තමා කටයුතු සිදුවුනේ.ඉතිං කතාව ඉවර නැ.දායකවු සැමටමගොඩක් පින් .අපගේ ස්තුතිය.ජයවේවා.👏👏

පසුගිය දිනක අප පලකල පුවතක්  අද 2019.07.10. සාර්ථක කරගන්න ඉඩ ලැබුනා.මේ දරැවවට අධ්‍යාපනයට සහ ආහාර ලබාදිමට මාසිකව රැ.5000.ල...
10/07/2019

පසුගිය දිනක අප පලකල පුවතක් අද 2019.07.10. සාර්ථක කරගන්න ඉඩ ලැබුනා.මේ දරැවවට අධ්‍යාපනයට සහ ආහාර ලබාදිමට මාසිකව රැ.5000.ලබාදිමට පැරිසියේ අපගේ ආදරණිය සහෝදර න තනුජා ද සිල්වා සහ දේෂප්‍රිය පවුල දායක වුනා..මෙය මෙම දරැවාටත් ඇගේ ආච්චි අම්මාටත් විශාල උදව්වක්.මෙවැනි සත්කාර ඉතාම අවශ්‍යම මොහොතක්
ලංකාවේ විශාල පිරිසක් එක වේලක් කැම කා ඉතිරිය වතුර බි බඩ ගිනි නිවා ගනි.මේ ලංකාවේ වර්තමානයේ සත්‍යයයි...තනුජා.දේෂ ප්‍රිය අපගේ ආචාරය ඔබට.ස්තුතියි.👏👏👏

2019.07.07.දින තවත් ආබාධිත තරැණයෙකුට රෝද පුටුවක් ලබා දෙන්න හැකිවුනා.දායකත්වය ලබා දුන්නෙ පැරිසියේ බෙනුර ජනිත් මල්ලි.බෙනුර...
07/07/2019

2019.07.07.දින තවත් ආබාධිත තරැණයෙකුට රෝද පුටුවක් ලබා දෙන්න හැකිවුනා.දායකත්වය ලබා දුන්නෙ පැරිසියේ බෙනුර ජනිත් මල්ලි.බෙනුර ලබා දුන්න දෙවනි රෝද පුටුව තමා මේ.මෙවැනි තරනයින් පැරිසියේ අපට ලොකු ශක්තියක්.අපව සම්බන්ධකලේ ශාන්ත අමරසේකර පවුලේ අය...ස්තුතියි මල්ලි ඔබ නිසා තව කොල්ලෙක් ඇවිදිනවා...🙏🙏🙏

2019.07.06 අද දින තවත් අසරණ ආබාධිත  මවකට රෝද පුටුවක් ලබාදිමට අපට හැකිවුනා.දායකත්වය ලබා දුන්නේ පැරිසියේ ෂිරෝමි දෙහිවල සහෝ...
06/07/2019

2019.07.06 අද දින තවත් අසරණ ආබාධිත මවකට රෝද පුටුවක් ලබාදිමට අපට හැකිවුනා.දායකත්වය ලබා දුන්නේ පැරිසියේ ෂිරෝමි දෙහිවල සහෝදරියයි.ලෙඩ ඇදේ අසරනවු අම්මාට හරි සතුටුයි කියල අපට කිව්වා.තම අම්මා හෙලන් පාරිස් වෙනුවෙන් ලොකු පින්කමක් කල ෂිරෝමි ඔබට බොහොම ස්තුතියි..🙏🙏🙏

අද පැරිසියේ පුංචි ෂෙඔලි දියනියගේ උපන් දිනේ එය වෙනුවෙන් දඹුළු ගල ප්‍රදේශයේ ආබාධිත තරැණයෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරමු කි...
27/06/2019

අද පැරිසියේ පුංචි ෂෙඔලි දියනියගේ උපන් දිනේ එය වෙනුවෙන් දඹුළු ගල ප්‍රදේශයේ ආබාධිත තරැණයෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරමු කියල මගෙන් ඉල්ලුවේතාත්තා සුරේෂ් මල්ලි.ගිය වසරෙත් මේ විදිහටම මේ දියනියගේ උපන් දිනේට සුරියවැව ගමේ දරැවෙකුට රෝද පුටුවක් ලබා දුන්නා.තම දරැවගේ උපන්දිනයට වෙනත් දරැවන් මතක් වෙන පියවරැ අද හරිම හිගයි.හදවතින්ම දෝනිට සුබ උපන් දිනක් පතනවා.ජිවිතය ලස්සනවේවි ඔබගේ .එසේම දඹුලු ගමේ මනුසත් දම් පාලිත සහෝදරයටත් තූති දෙනවා දුර කතර ගෙවා මේ සත්කාරයට අපට දිරිදුන්නාට.හැමෝටම ගොඩාක් ස්තුතියි
.ජයවේවා.

මහනුවර කලබල අස්සේ  අපි මහනුවර පිලිකා රොහලට ගියා.48 වාට්ටුවේ අඩුපාඩුවගයකට.සාන්ත අමරසේකර පවුලේ උදවියත් එක්ක තමයි සම්බන්ධවු...
05/06/2019

මහනුවර කලබල අස්සේ අපි මහනුවර පිලිකා රොහලට ගියා.48 වාට්ටුවේ අඩුපාඩුවගයකට.සාන්ත අමරසේකර පවුලේ උදවියත් එක්ක තමයි සම්බන්ධවුනේ.රෝගින්ට හුස්ම ගැනිමට අවශ්‍ය උපකරනයකට මුදල් ලබා දුන්නේ පැරිසියේ චන්දන මල්ලි එයාගේ උපන්දිනයට.හන්සි නංගිතමා එයට මුලික වුනේ.ඉට අමතරව සාන්ත අමරසේකර සහෝදරත්වය තවත් දේ සිදුකලා...සුවපතිලා.ජනපතිලා.අගමැතිලා..තාමත් බලුපොරයේ.අප අපට හැකිදේ සිදු කරමින්‍ සිටින්නෙමු..ස්තුතියි.

කටුව පිටිය පල්ලියෙ බෝම්බ පුපුරැවල මාසයක් පසුකරනවා.නිතියක් සාධාරනයක් නැ.දේශපාලකයෝ මෙයට වගකිව යුතුයි...මිගමු රෝහලේ  මැරැන ...
21/05/2019

කටුව පිටිය පල්ලියෙ බෝම්බ පුපුරැවල මාසයක් පසුකරනවා.නිතියක් සාධාරනයක් නැ.දේශපාලකයෝ මෙයට වගකිව යුතුයි...මිගමු රෝහලේ මැරැන මිනිසුන්ගේ සිරැරැ මෙන්ම රෝහලේ තාමත් රෝගින් ඉන්නවා.අපි කටයුතු සිදු කරන්නේ රෝහලේ දේවස්ථාන පියතුමා සමගයි.දැනට මෙම ජායාරැපයේ ඇති දරැවාට කනට දැමිමට උපකරනයක් ලබා දුන්නා.එය පරිත්‍යාග කලේ පැරිසියේ සරත් වලවේමුනි සහෝදරයායි.තව මුදල් පරිත්‍යාග කිපයක්ද ලැබුනා.ඕෂ දි අල්විස්.සහෝදරියද.කමලා සහෝදරියද තම දරාවන්ගේ උපන්දින තැගි අපට ලබා දුන්නා.උදය කුමාර සහ.විතානගේ මහේෂි ද මුදල් පරිත්‍යාග කර තිබෙනවා.එසේම තව පාද අහිමි දරැවන්ට පාදයක් දිමට ෂනිල් පින්තුද.කන ඇසිමේ උපකරනයක් ලබා දිමට ප්‍රසන්න සහෝදරයාද කැමැත්තෙන් සිටිනවා..දැනට පියතුමා අපව කරන දැනුවත් කිරිම් අනුව කටයුතු කිරිමට බලාපොරොත්තු වෙනවා.මෙම අනතුරෙන් මියගියේ සමාජයේ ඇති හැකි අයයි.මෙයට මුදල්වල අවශ්‍යතාවය ඇත්තේ තනිවු දරැවන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙනි.තැනින් තැන මුදල් එකතුකරිම නොකල යුතුය. කල යුත්තේ සාධාරනය සොයා යැමය. ඩිල්රැක් ප්‍රසන්න පියතුමාගේ රෝහලේ ඉල්ලිම සහ අවධානය මත අප දායක වන්නේ මිගමු රෝහල හා පල්ලිය එකට මෙම කටයුතුවලට සම්බන්ධ නිසාය.නොදන්නා අයට මුදල් දිමෙන් වලකින්න...දරැවන්ට අවශ්‍ය දේ අපව දැනුවත්වන අයුරින් ඔබව දැන්වත් කරමු.මිනිසත්කම පිරැනු පැරිසියේ ඔබව අප හදුනමු.දායකත්වයන් ලබාදුන් සැමටම ආදරය පිරි ස්තුතිය පුදකරමු...මිනිසුනට සැකය බිය නැතිව ජිවත්විමට සාධාරන සමාජයක් සැදිම පාලකයින්ට හැකිවිය යුතුය..අපගේ වග කිම නිවැරදිව නියම කටයුතු සිදු කිරිමය.ස්තුතියි.

මා රෝගිව සිටියෙමි නුබලා මා බැලිමට  පැමිනියේද...අද මහ සිකුරාද දින ...මහනුවර 48 පිලිකා වාට්ටුවට අත්‍යවශයවතිබු රෙදි හෝදන යන...
19/04/2019

මා රෝගිව සිටියෙමි නුබලා මා බැලිමට පැමිනියේද...අද මහ සිකුරාද දින ...මහනුවර 48 පිලිකා වාට්ටුවට අත්‍යවශයවතිබු රෙදි හෝදන යන්ත්‍රය සහ ඔක්ෂිජන් රෙගියුලේටරය 20.4.19 රෝහලට බාරදිමට අපට හැකිවිය.මෙයට දායක වුයේ ඉතාලියේ පදිංචිව සිටින මරි බාලසුරිය .රෙම්ලි පෙරේරා .යුවල සහ ප්‍රංශයේ කුමුදිනි සහ කෙවින් මාගේ බිරිද සහ පුතාගේ දායකත්වයෙනි...තවත් රෙගියුලේටරයකට තම උපන්දිනය වෙනුවෙන් මාහට මුදල් පරිත්‍යාගයක් ලැබි අත.එය ලබා දුන්නේ පැරිසියේ සිටින චන්දන .සහ හන්සි සමරවිර සහෝදරත්වයයි..එවිට 48 වාට්ටුවට රෙගියුලේටර් 2 ක හිමිකමක් ඇත.පාලකයින් නිදා සිටින රටක පිට රටක ජිවත්වන ලංකිකයින් අප රටට ආඩම්බරයකි..දායකවු ඔබ සැමට අපගේ ආදරය පිරි ස්තුතිය පුදකරමු.🙏🙏

මහනුවර පිලිකා රෝහලේ 48 නි වාට්ටුවේ වැසිකිලි පද්ධතිය නවිකරනය කර.දිය නැමට උණුවතුර ද.බිමට පිරිසිදු ජලයද.පුටුවල සිටින රෝගින්...
12/04/2019

මහනුවර පිලිකා රෝහලේ 48 නි වාට්ටුවේ වැසිකිලි පද්ධතිය නවිකරනය කර.දිය නැමට උණුවතුර ද.බිමට පිරිසිදු ජලයද.පුටුවල සිටින රෝගින් සදහා මෙට්ටා නිදාගැනිමට.ලබාදිමට හැකිවිය.මෙයට දායකවු පැරිසියේ ආදරණිය සහෝදරත්වයටද.මැදපෙරදිග සහෝදරත්වයටද.ලංකාවේ සහෝදරත්වයටද.ජර්මනියේ මිස් යුරෝප් ලින්ඩා රෝස් ඇතුලු සිංහල සංවිධානයටද.ලංකාවේ මනුසත්දම් සංවිධානයටද.මහනුවර සිංහ සමාජ වලටද.සලුවඩන මැතිනියටද.සුනේත්‍රා සහෝදරියටද.මහ නුවර හිටපු නගරාධිපති තුමන්ටද.සියලුම උතුම් මිනිසුනට අපගේ ආචාරය ලාංකිකයින් ලෙස පුද කරමු..තව අඩුපාඩුව පවතින රෙදිසෝදන යන්ත්‍රය ලබාදිමට පැරිසියේ පාර්මිලා මැතිනියද.ඉතාලියේ මරි බාලසුරිය සහෝදරියද ඉදිරිපත්වි ඇත.මෙය මහා සත්කාරයකි.අපායක්ව පැවති වැසිකිලි පද්දතිය නව ඉතාම පිරිසිදු අලුත්ම තත්වයට පත්වි ඇත.ස්තුතියි ඔබ සැමටම සදා ආදරයෙන්.ජයම පතමි.මා අප පැරිස් සුබසාදන සංවිධානය වෙනුවෙන් සනත් මුතුනමගොන්නගේ.🙏❤️

සහෝදරත්වයේ දායකත්වයක නිමාවක්...
01/04/2019

සහෝදරත්වයේ දායකත්වයක නිමාවක්...

පිටර් මාම රෝහලට ආවෙ දෙපයින් ඇවිදගෙන..ඒත් ජිවිතය බේර ගන්න නුවර රෝහලේදි කකුලක් කැපුව.කකුල නැති දුකෙන් ඇවිදගෙන ගෙදර යන්න බැ...
07/03/2019

පිටර් මාම රෝහලට ආවෙ දෙපයින් ඇවිදගෙන..ඒත් ජිවිතය බේර ගන්න නුවර රෝහලේදි කකුලක් කැපුව.කකුල නැති දුකෙන් ඇවිදගෙන ගෙදර යන්න බැරිව හිටියෙ..මනුසත්දම් පාලිත මල්ලි මට විස්තරේ කිව්වා.මම මුහුනුපොතට දුක කිව්වා රත්‍රි 11ට විතර විනාඩි කිපයයි ගියේ පැරිසියේ හර්ෂ රත්නායක මල්ලි මට කිව්වා අයියේ පුටුව දෙමු කියල.මේ තමා මම දකින මිනිස් කම.හර්ෂ මල්ලි බොහොම තරැණයි.ඒත් තව කෙනෙකුගේ දුක වේදනාව ඒ තරැනයාට දැනුන.පැරිසි සිටින විස ඇති මිනිසුනට වඩා කොතරම් සුන්දරද මේ තරැණ හදවත්.ඉතිං අවසානයට පිටර් මමා කකුල රෝහලේ තියල රෝද පුටුවත් අරගෙන ත්‍රිවිලයෙන් ගෙදර ගියා..දායකවු හැමටම අපගේ ආචාරය...🙏🙏🙏 පිං..ස්තුතියි.

06/03/2019

මේ රෝද පුටුව මේ දරැවට දිල දැනට මාස 7ක් විතර මිට පෙර පාසැල්ගියේ අම්මා වඩාගෙන තමා .දැන් තනිවමම පාසැල් යනවා.අපි ෂනිල් පින්තු මල්ලිට තුති පුදකරනවා මේ වෙනුවෙන්.අප සුබසාධන සංවිධානය නිතරම කරන්නේ මෙවැනි සත්කාර තමා.ප්‍රංශයේ ජිවත්වන ඔබ මෙන්ම ලෝකය පුරා ජිවත්වන හුග දෙනෙක් අපට ආදරය කරන්නේ ඒ නිසයි.අපි කිව්වොත් කරනවා.ශක්තිය ඔබයි. මහනුවර 48 වාට්ටුව දැන් නවිකරනය වෙනවා.තව දින කිපයකින් එය අලුත් වේවි.එයත් ඔබගේ ශක්තියමත අලුත් වුවා.මොන බාධක පැමිනියත් පැරිසි අපි අපිවෙනුනේමයි.ජය.🙏

අපුරැ සමාජ සත්කාරයක්..හදවතේ රටට ආදරය මිනිසුන්ගේ කතාවක කොටසක්....හෙට ඔබටත්...දායකවිය හැකියි... එක්තරා දවසක්දා කැළණිය ප්‍ර...
24/02/2019

අපුරැ සමාජ සත්කාරයක්..හදවතේ රටට ආදරය මිනිසුන්ගේ කතාවක කොටසක්....හෙට ඔබටත්...දායකවිය හැකියි... එක්තරා දවසක්දා කැළණිය ප්‍රදේශයේ ව්‍යාපාරික, දානාපති සරත් මහත්මා සමග යාය 08,දේවගල,ශ්‍රී ජයෙන්ද්‍රාරාමයට යන්න වාසනවා උදා උනා.විහාරස්ථානයේ විහාරධිපති ස්වාමින් වහන්සේගේ මගපෙන්වීමේන් යාය 08, දේවගල ග්‍රාමයේ පදිංචි පාදයන් අහිමි ඇවිද යෑමට නොහැකි කුසුමාවති අම්මට හා මෙම ග්‍රාමයේම බබානිස් සීයට රෝදපුටුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කලා .මේ සඳහා ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධක සංවිධානයේ ඉල්ලීමට පැරීසියේ පදිංචි කුමාරි ඇල්බියන් මැතිණිය හා ප්‍රංශයේ පදිංචි තිලිනිකා මදුෂානි.සහ ජයශාන්ත සිල්වා .දෙදනා තමා පුටුව පරිත්‍යාග කලේ...ඉතිං මේ සත්කාරයට අරලගංවිල යෑමට ප්‍රවාහන පහසුකම් ලබාදුන්න සරත් මහතාටත් මෙයට දායකවූ හැමෝටමත් මනුසත්දම් තුති පුද කරමු...🙏🙏🙏🙏🙏🙏🙏

24/02/2019

පැරිසියේ සිට ලංකාවේ වැලිකන්ද.අරංගවිල දක්වා රෝදපුටවක් ගිය දුරක්...අද අරංගවිලට රෝද පුටු 2 ක්ම ලබාදිමට හැකිවුනා....ස්තුතියි ඔබ සැමගේ මනුෂත්වයට.🙏

23/02/2019
23/02/2019

🙏 මහනුවර පිලිකා රෝහලේ 48 නි.වාට්ටුවේ නව වැසිකිලි පද්ධතිය සකස් කිරිමේ කටයුතු අද ආරම්භ විය.නොයක් ආයතනවල සහාය බලාපොරොත්තු වුවද මිලකින් තොරව කිසිවකු සහය ලබා දුන්නේ නැත.මෙය ලංකවේ පවතින මිනිසත්කම පිදිබද තත්වයයි..ප්‍රංශ සුබසාධන සංවිධානය හා එක්ව පැරිසියේ අප සහෝදරත්වයලබාදුන් මුදල්ද...ජර්මනියේ .සහ ස්විස්ටර් ලන්තයේ සිංහල සංවිධාන .මිස් යුරෝප් ලින්ඩා රෝස් මෙනවිය මුලිකව එකතුව ලබාදුන් මුදල්ද.ලංකාවේ මනුසත්දම් සත්කාරය ලබාදුන් මුදල්ද මෙම කටයුතු සදහා යෙදවිමට බලාපොරොත්තු වෙමු.බිමට පිරිසිදු ජලය.උණු වතුර .ස්නානය සදහා උණු වතුර. නිදා ගැනිම සදහා ඇතිරිලි . තව දින කිපයකින් මෙම කටයුතු අවසන් කිරිමට බලාපොරොත්තු වෙමු...ස්තුතියි.

Adresse

13 Rue Gandon
Paris
75013

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque France Sri Lanka Welfare Association publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à France Sri Lanka Welfare Association:

Vidéos

Organisations à But Non Lucratifss á proximité


Autres Organisation à but non lucratif à Paris

Voir Toutes